ශ්‍රී ලංකා පිලේ නායක දිමුත්
කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකොට පෝර්ට් එලිසබෙත් නුවර දී පෙරේදා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ලබාදෙන මොහොතේ නායක දිමුත් කරුණාරත්න පසුවූයේ සිනහමුසු මුහුණින් යුතුවය.
‘අපි ඔවුන්ට කිව්වේ සුපුරුදු විදිහට ක්‍රීඩා කරන්න කියලයි. ඔබට පන්දු රකින්නාගේ හිසට ඉහළින් පහර එල්ල කරන්න හැකිනම් එය කරන්න කියලයි.’ තරගයෙන් පසුව දිමුත් කියා සිටියේය.
‘ඒ විදිහට ක්‍රීඩා කරද්දී දකුණු අප්‍රිකානුවන් අඩියක් පස්සට ගත්තා.’ ඔහු කීවේය.
‘මුල ඉඳලාම මම ක්‍රීඩකයන්ට කිව්වේ මොනව වුණත් සිනහමුසු මුහුණින් ඉන්න කියලයි. හිනාවෙන්න. සතුටු වෙන්න. ඔබ ඉන් විනෝදයක් ලබාගන්නේ නැතිනම් සියයට සියයක ප්‍රතිළුලයක් ලැබෙන්නේ නෑ.’ දිමුත් එසේ කීවේය.
පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද ශ්‍රී ලංකා පිලේ නායකයාගේ පැසසුමට ලක්විය. තරගමාලාව පුරා විශ්ව ප්‍රනාන්දු කඩුලු 12ක් ලබා ගනිද්දී කසුන් රාජිත දවාගත් කඩුලු සංඛ්‍යාව 9කි.
‘අපේ පන්දු යවන්නන් නිවැරැදි ඉලක්කයට පන්දු යැව්වා. විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්, හොඳින් දස්කම් දක්වද්දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පීඩනය අඩු වෙනවා.’ ඔහු සඳහන් කළේය.
කාලයක් පුරා ලකුණු අතරේ නොසිටි කුසල් මෙන්ඩිස් මේ තරගයේදී නොදැවී ලකුණු 84ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය ද අත්කර ගත්තේය.
‘අපි දන්නවා ඔහු කෙතරම් හොඳ ක්‍රීඩකයෙක් ද කියලා. ඒ වගේම ඔහු තරග දිනවන පිතිකරුවෙක්. පළමුවැනි ලකුණු 15-20 ගැහුවාම ඔහු දන්නවා කොහොමද ක්‍රීඩා කරන්න ඕන කියලා.’ දිමුත් කියා සිටියේය.

0 Comments