සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක
ආහාර සුරක්ෂිත බව ආරක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුව මඟින් 1980 දී සම්මත කර ඇති ආහාර පනත සබරගමුව පළාත තුළ පූර්ණ ලෙස ක්‍රියාවට නංවන බව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පසුගියදා (21) සඳහන් කෙළේය.
ඒ මහතා මේ බව සඳහන් කෙළේ පසුගියදා (21) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ පැවති සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ හමුවකට එක්වෙමිනි.
සබරගමුව පළාත තුළ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම හමුව කැඳවා තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා මෙසේද පැවැසීය.
1980 දී පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආහාර පනත මඟින් ආහාර අලෙවි කෙරෙන පෙට්ටි කඩේ සිට තරු සහිත හෝටල් පද්ධති දක්වා නියාමනය කිරීමේ බලය සෞඛ්‍ය සේවාව වෙත ලබාදී තිබෙනවා.
එම බලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසුදු, වස විසෙන් තොර, මනුෂ්‍ය පරිභෝජනයට ඉතා සුදුසු ආහාර පාන වෙළෙඳ පොළක් සමාජය තුළ ස්ථාපනය කිරීමට හැකියාව ලැබෙනවා.
ඒ අනුව ආහාර පිළියෙල කිරීමේ සිට අලෙවිය දක්වා සිදුවන සමස්තම ක්‍රියාවලිය මුළුමනින් නියාමනය කිරීම මේ යටතේ සිදුවෙනවා.
එමෙන්ම ආහාර අලෙවිය සඳහා මැදිහත්වන පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීම සහ වැසිකිළි කැසිකිළි, ජලය, ආහාර, ගොඩනැගිලි, කානු පද්ධති යන ක්ෂේත්‍ර පුළුල් පරීක්ෂාවට ලක්කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ආහාර පනත මඟින් සෞඛ්‍ය සේවාවන් වෙත ලබාදී තිබෙනවා.
සබරගමුව පළාතේ මාතෘ මරණ අනුපාතය 99% දක්වා අඩු කිරීමට සබරගමුව පළාත් සෞඛ්‍ය සේවාව සමත්වී තිබෙනවා.
එමෙන්ම ඔසුසල් ඇතුළු බොහෝ වෙළෙඳ ක්ෂේත්‍ර නියාමනය කිරීමේ ඉහළ හැකියාවක් සෞඛ්‍ය සේවාව තුළ පවතී.
එම සාධනීය තත්ත්වයන් සබරගමුවේ ආහාර අලෙවි ක්ෂේත්‍රයටද ඇතුළත් කිරීම තම අරමුණයි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ශ්‍රියානි පද්මලතා, පළාත් පාලන කොමසාරිස් ඒ. එස්. ජේ. ගොඩැල්ලවත්ත, සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් වන සමන් කුමාර හා එල්. එම්. පී. ඩබ්. බණ්ඩාර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී. එස්. පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

0 Comments