මන්ත්ත්‍රී ඩලස් අලහප්පෙරුම
මේ ආණ්ඩුවට අපි වැඩි දුර යන්න ඉඩ දෙන්නේ නැති බවත් නිසැක වශයෙන්ම මේ අවුරුද්ද තුළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන බවත් හිටපු ඇමැති පොදුජන පෙරමුණේ සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කෙළේ ඇල්පිටිය විහාරමහා දේවි පිරිවෙන් ශාලාවේ පසුගිය දා (19) පැවැති ජනහමුවක් අමතමිනි.
දකුණු පළාත් සභාවේ සභනායක චම්ලි විතානාච්චි මහතාගේ රුපියල් ලක්ෂ පහළොවක මූල්‍ය පාදන යොදා ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදා දීම නිමිත්තෙන් මෙම ජනහමුව පැවැත්විණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසිය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කරලා තිබෙන්නේ සහාසික යෝජනාවක්. ජනතා පරමාධිපත්‍ය විනාශ කරන යෝජනාවක්. හද්ද පිටිසර ගමේ මිනිහෙකුගේ ගමේ භාෂාවෙන් කිව්වොත් මේක බලුවැඩක්. ඒ නිසා මේකට අපි විරුද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ජාතික ආණ්ඩුවක් නිසා කැබිනට් එක වැඩි කරන්න යෝජනාවක් ගෙනඑනවා කියල. එක කැබිනට් ඇමැතිවරයෙක් නඩත්තු කරන්න මාසයකට මිලියන පහක් යනවා. එතකොට ඇමැතිවරු දහඅටක් නඩත්තු කරන්න මිලියන අනූවක් ඒ කියන්නේ කෝටි නමයක් .අවුරුද්දකට කෝටි එකසිය අටක් යනවා. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය මේකද.
උපාධිධාරින් හැතෑදහසකට අධික පිරිසක් අද රැකියා විරහිතව ඉන්නවා. එක පත්වීමක් දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නය ජනතාවට තිබෙද්දී ඒවාට විසැඳුම් නොදෙන ආණ්ඩුව කැබිනට් එක වැඩිකරගන්න හදනවා.
බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැතිතුමා කියනවා කිරිපිටිවල සත්ව තෙල් අඩංගුයි කියලා. දරුවෝ ඉන්න හැම අම්ම කෙනෙක්ම කම්පා වෙලා ඉන්නේ මේ ගැන අහල. ආණ්ඩුවට ඒක ප්‍රශ්නයක් නොවේ.
මේ ආණ්ඩුවෙ ඉන්න රාජ්‍ය ඇමැති රංජන් රාමනායක ඇමැතිතුමා කියනවා මේ ආණ්ඩුවෙ කැබිනට් එකේ පස් දෙනෙක් කුඩු ගහන අය ඉන්නව කියල. ආණ්ඩුවේ කැබිනට් එකේ ඉන්නෙ තිහයි. එයින් පස් දෙනෙක් කුඩු ගහනව නම් තවත් මේ කැබිනට් එක වැඩි කරන්නේ මොකටද. මේ ආණ්ඩුවට තියෙන්නේ කැබිනට් එක වැඩිකර ගැනීමේ ප්‍රශ්නය විතරයි.
අපේ රටේ ඕනෑම දේශපාලන තක්කඩියෙකුට හැංගෙන්න තියෙන එකම තැන ප්‍රජාතන්ත්‍රවාදය විතරයි. සිංහල භාෂාවේ ඒ වචනයත් අද මේ ආණ්ඩුව දූෂණය කරලා ඉවරයි.
මෙම ජනහමුව අමතා අමුගොඩ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඕමත්තේ ජිනවංශ හිමි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ ,මොහාන් ද සිල්වා, දකුණු පළාත් සභා නායක චම්ලි විතානාච්චි, ඇල්පිටිය හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කේ.ඩි.එච්. සුමිත් යන මහත්වරුද කතා කළ අතර විහාරමහා දේවි පරිවේණාධිපති ඇඹිලිපිටියේ සරණපාල හිමියෝ ඇතුළු මහා සංඝ රත්නයද ,ප්‍රදේශිය සභා සභාපතිවරු, නියෝජ්‍ය සභාපතිවරු මන්ත්‍රීවරු , ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
ඇල්පිටිය සමුහ

0 Comments