Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ රුව චිත්‍රයට නැගු පිලිපීන චිත්‍ර ශිල්පියාට ජනපතිගෙන් සමරු තිළිණයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් පිළිගන්වන ලදී.

එම චිත්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී Ranilo Abayan මහතා පසුගියදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර සිය සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඒ මහතා හමුවීමට ඊයේ (24) පස්වරුවේ ජනාධිපතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියේය.

මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan මහතා වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

පිලිපීන කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය : - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();