රට තුළ නීති විරෝධීව හා විශාල පරිසර හානියක් ඇති කරමින් සිදු කෙරෙන ගස් කැපීම පාලනය කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත විදුලි යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
සෑම පොලිස් ස්ථානයක් මඟින්ම විදුලි යාන්ත්‍රික කියත් මේ මස 28 වැනි දින දක්වා ලියාපදිංචි කෙරෙනු ඇත.
පොලිසිය වෙත ඉදිරිපත් කරන යාන්ත්‍රික කියත් සම්පුර්ණයෙන්ම පරික්ෂා කර බලා ඒවාට විශේෂ ස්ටිකරයක් නිකුත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
යන්ත්‍රය ලියාපදිංචි කිරීමෙන් පසු පොලිසිය මඟින් එහි හිමිකරුට විශේෂ බලපත්‍රයක්ද නිකුත් කරනු ලබන අතර ගස් කපා ඉවත් කිරිමට නිත්‍යනුකූලව අවසරය ලබා ගන්නා සැම කොන්ත්‍රාත්කරුවකු හෝ පුද්ගලයකුම එම ගස් කපා ඉවත් කිරිමට භාවිත කළ යුත්තේ ලියාපදිංචි යාන්ත්‍රික කියත් පමණක් බව පොලීසිය පවසයි.
ලියාපදිංචි නොකරන ලද සියලුම යන්ත්‍රික කියත් ඉදිරියේදී පොලිස් භාරයට ගැනීමට නියමිතය.
අදාළ යන්ත්‍රික කියත් ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ඒවාහි හිමිකරුවන්ගේ නාම ලේඛනයක් රජයේ ආයතන කිහිපයකටම නිකුත් කිරීමට පොලිසිය පියවර ගනු ඇත.

0 Comments