Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන කුමන්ත්‍රණ ගැන සුව ඇමැතිගෙන් හෙළිදරව්වක්

කාබන් බද්ධ අද ප්‍රශ්නයක් වෙලා. කාබන් බද්ධ පනවා ඇත්තේ පරිසර අමාත්‍යාංශයෙන්. එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතින්නේ. කාබන් බද්ධ නිසා ජනතාවගෙන් බැනුම් අහන්නේ රජයේ අපි. එම නිසා මෙය දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. එය හඳුනාගත යුතුයි. මේ ඛේදවාචකය හඳුනාගෙන ඉදිරි දේශපාලනය කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන තරුණ බල මණ්ඩල රැස්වීමක් පෙරේදා (23) අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ රාජිත සේනාරත්න පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මතුගම ශ්‍රවණාගාරයේ දී පෙරේදා (23) පස්වරුවේ මේ රැස්වීම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා , “මතුගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජගත් විතාන මහතා 2015 මැතිවරණයේ දී අපට විශාල සහයෝගයක් ලබාදුන්නා. හොද සංවිධායකවරයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්ම නොවෙයි. 2015 මැතිවරණයේ දී මතුගම දී කළ කතාවේ දී මහත්මා ගාන්ධිගේ ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ලංකාවේ බිහි විය යුතු බව ප්‍රකාශ කළා. ජනතාව පිළිබඳ ආදරයක් ඇති නායකයන්ට පමණයි මහත්මා ගාන්ධි මතක් වන්නේ. ජගත් විතාන සහ මා අතර මිතුදමක් ඇති වෙලා අද එකම වේදිකාවේ සිටිනවා. වත්මන් රජය කැපවීමක් කරලා තමයි බිහි කළේ. 2015 වසරේ දී අපි රටක් වෙනස් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාට මුදල්, කාර්යාල ලබාදෙන්න කවුරුවත් හිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පරාද කරන්න කාටවත් බැහැ කියලයි කවුරුත් හිතුවේ. හොදින් හෝ නරකින් මැතිවරණය දිනන්න ඔහු සුදානමින් සිටියේ. නමුත් බැහැ කියපු මහින්ද රාජපක්ෂව අපි පරාජයට පත් කළා.”

“වත්මන් රජයේ වැරැදි තිබෙනවා. වැරැදි කරන අයත් ඉන්නවා. නමුත් සුදු වෑන් සංස්කෘතිය අද නැහැ. උතුරේ ජනතාවටත් එහෙමයි. අතුරුදන් කිරීම් නැහැ. උතුරට නියම නිදහස ලැබී තිබෙනවා. උතුරේ ජනතාව අද රජයට විරුද්ධව විරෝධතා උද්ඝෝෂණ කරනවා. ඒ ඔවුන්ට නිදහස ලැබී තිබෙන නිසා. තරුණ තරුණයන්ගේ අයිතිය අපි ලබාදිය යුතුයි. අපි හැදුවේ ජාතික රජයක්. රජය බිහි කළ දවසේ සිට රජයේ සිටි අය රජය විවේචනය කළා. එය වැරැදියි. ප්‍රජාතත්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් ජනතාව පෙළගැසුනා. දින 53 අර්බුදයෙන් පසු ලැබූ ජයග්‍රහණයත් සමඟ අපි ඉදිරියට යන්නේ බාධක මැදයි. මගේ සෞඛ්‍ය සේවාවන්වලට ඇතැම් සංගම් විරුද්ධයි. ඇතැම් වෛද්‍යවරුන් මා සමඟ එකමුතුව වැඩ කරනවා. ඇතැම් ප්‍රතිපත්ති විනාශ කරන්න, කඩාකප්පල් කරන්න ගත වන්නේ සුළු මොහොතක්. නමුත් ගොඩනගන්න අමාරුයි. කාලකණ්නි සිතුවිලි තිබෙන අයත් ඉන්නවා.”

“සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා 2019 වසරේ දී මූල ධන වියදම ලෙස සෞඛ්‍ය ආමාත්‍යාංශයට රුපියල් බිලියන 185ක් වෙන් කර තිබෙනවා. මම ඉල්ලන අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය ලබාදෙනවා. ජනතාව වෙනුවෙන් තමයි මගේ සේවාවන් ලබාදෙන්නේ. පෙබරවාරි මාසයේ දී විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 4600ක් අපේ රජය ගෙවා දැමුවා. ඉන් සියයට 87ක්ම රාජපක්ෂලා ලබාගත් ණයයි. වාණිජ ණය සියයට 8 කට වඩා පොලියට රාජපක්ෂලා ලබාගෙන තිබුණා. ණය ගෙවීමට විදේශ රටවල් කිහිපයක් අපට සහයෝගය ලබාදුන්නා. ඉදිරියේ දී ගම්පෙරළිය වැඩසටහනේ දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකට ලක්ෂ 3000 ක් ලැබෙනවා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහායි.”

තරුණ තරුණයන් පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();