ලෝක බැංකු ආධාරයෙන් ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව විසින් රට පුරා ගොස් පානීය ජල තත්ත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරය ප්‍රදානය කිරීමේ අවස්ථාව ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
රුපියල් මිලියන 25ක් වටිනා ජංගම රථය ශ්‍රී ලංකා වේ සිටින ලෝක බැංකුවේ ජල හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන ප්‍රදීපා මිස්ට්රි විසින් නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාට වටිනා ජංගම රසායනාගාරය ප්‍රදානය කරන ලදී. මේ ජංගම රසායනාගාරයේ වාර්තා අන්තර්ජාලය හරහා ලබා දීමට හැකිවන අතර අනතුරු සිදුවන ස්ථානයක සිට ක්‍රියාකිරීමට අවශ්‍ය පහසුකම්වලින් යුක්තය.
මෙහිදී ප්‍රජා ජල දෙපාර්තමේන්තුව විසින් මාර්තු 01වැනි දින ආරම්භ කිරීමට නියමිතය.ප්‍රජා ජල අභිමානී සංකල්පය පිළිබඳ අදහස් දැක් වූ හකීම් මහතා ,
ප්‍රජා ජල අභිමානී වැඩසටහන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ඉටු කිරීමට සුදානම් කරන ගම් දහසකට පානීය ජල සැපයීමේ ජාතික වැඩසටහනකි.මෙය ජනතාවගේ ශ්‍රමදායකත්වයෙන් පදනම් වූ සංවර්ධන වැඩසටහන නිසා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය ආයතනවල සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙයට හොඳ ප්‍රචාරයක් ලබා දී මේ වැඩසටහන තවත් සංවර්ධනය කර, දීප ව්‍යාප්තව වැඩි දියුණු කර ගත යුතුයි.ජනතාවට අවබෝධයක් ලබා දී එයට තවත් අය උනන්දු වී උද්‍යෝගයෙන් සහභාගී විය යුතුයි.ගමේ ජනතාවටම පාලනය කළ හැකි ගමේ කරන වැඩසටහනක්,ඒ තුළින් හොඳ කළමනාකරණයක් තිබුණා නම් සියයට සියයක් නළ මාර්ගයෙන් ජලය ලැබෙන වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන්.අපේ අලුත් ව්‍යාපෘතියට උනන්දුවෙන් උද්‍යෝගයෙන් සහභාගීවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන,රාජ්‍ය ලේකම් මංගලතිස්ස,ලෝක බැංකු ආධාරයෙන් ක්‍රියා කරන වසිප් ව්‍යාපෘති අධ්‍යක්ෂ එන්.යූ.කේ.රණතුංග,ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ජයතිලක හේරත් ඇතුළු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් භාර නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

0 Comments