අගමැති
බෞද්ධ විහාරස්ථාන සංරක්ෂණය කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව හා විහාරාධිපති හිමිවරු අතර ඇතිවන ගැටලු අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා ඊයේ (24) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය. අදාළ කරුණ සම්බන්ධයෙන් මහනාමියන් සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා කීය. මේ සම්බන්ධව සංස්කෘතික ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරන බවද මෙහිදී අගමැතිවරයා පැවසුවේය.
රාජ්‍යය ඇමැති ලකී ජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර,මහනුවර පුරපති කේසර සේනානායක,එජාප පාතදුම්බර සංවිධායක,හිටපු මධ්‍යම පළාත් කර්මාන්ත හා ක්‍රීඩා ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

0 Comments