Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බංග්ලාදේශ ගුවන් යානය ඉස්සුවේ සෙල්ලම් පිස්තෝලයකින්

ආරක්ෂක අංශ වෙඩි පහරින් මරු මුවට පත් බංගලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා අත තිබී ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බව වාර්තා වේ. 
 
ඔහු සතුව පුපුරණ ද්‍රව්‍ය කිසිත් නොතිබූ බව චිතගොංග් පොලිස් කොමසාරිස් කුසුම් දෙවාන් ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේය. 
 
25 හැවිරිදි මෙම මගියා බංගලාදේශයේ සිට ඩුබායිබලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කළ ඔහු තමන් සතුව පිස්තෝලයක් ඇති බවට ඔහු විසින් තර්ජනය කර තිබිණි. එම යානය චිත‍ගොංග් වෙත හදිසියේ ගොඩ බැස්වීමෙන් පසු ඊට කඩා වැදුන ආරක්ෂක අංශ විසින් ඔහු ඝාතනය වූයේ  ඔහු යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. 
 
බිමන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් BG147 යානයේ ඒ වන විට මගීන් 148 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුට මෙම සිදුවීමෙන් කිසිදු අනතුරක් සිදු වූයේ නැත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();