අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණවලට බාධාවක් එල්ලවිය හැකි බැවින් එක්සත් ජාතික පෙරමුණ විසින් පත් කළ කමිටුව වෙත හෙළි කළේ කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් පමණක් බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (22) ප්‍රකාශ කළේය.
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ සිවු පුද්ගල කමිටුව ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.
එම කමිටුව හමුවේ පෙනී සිටීමෙන් පසුව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ද පැවැසීය.
මේ කමිටුව හමුවට මම අද ආවේ පෞද්ගලික රෝහලකට ගිහින් මගේ මුත්‍රා සාම්පලයක් ලබාදීලයි. මගේ රුධිරයේ කොකේන් නොමැති බව මම ප්‍රථමයෙන්ම තහවුරු කළ යුතුයි. මම අනෙක් මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා, මුත්‍රා පරීක්ෂණයකට පෙනී සිටින ලෙස.
කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව දැනුත් මගේ අතේ තිබෙනවා. මන්ත්‍රීවරුන් පිරිසක්ම මගේ නඩු අහන එක සාධාරණ නැහැ. මේ සටනින් මා පරාජය වෙන්න පුළුවන්. ඒත් රටේ අහිංසක දරු පරපුරට සිදුවන හානිය ගැන සිතා මේ සටන දිගටම කරගෙන යනවා.

0 Comments