Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන් කොකේන් ගන්න මන්ත්‍රීවරු ගැන ප්‍රකාශයක් කළා

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

නම් භාර දුන්නේ නෑ

කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන් පිළිබඳ ප්‍රකාශයක් කළා මිස ඒ අයගේ නම් ලැයිස්තුවක් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කමිටුව වෙත භාර නොදුන් බව සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය‍ වෙත ප්‍රකාශ කළේය.

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ සිවු පුද්ගල කමිටුව ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.

එම කමිටුව හමුවේ රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් සිදුකළ බවත් මේ ප්‍රකාශය සමඟ කමිටුව විසින් සිදුකරන විමර්ශනයේ වාර්තාව ලබන සඳුදා වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බවත් සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති ප්‍රකාශයම කමිටුව වෙත ද ලබා දී ඇති අතර, ප්‍රකාශයේ සඳහන් නම් මාධ්‍ය වෙත අනාවරණය කළ නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සභාපතිත්වය දරන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න සහ නීතිඥ මහේෂ් කළුගම්පිටිය යන මහත්වරු කටයුතු කරති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();