Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද. පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු 15කට ස්ථාන මාරු

Author(s): 
විජයානි එදිරිසිංහ

රත්ගම ප්‍රදේශයේදී මීට සති කිහිපයකට පෙර ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනකුට ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

ඊයේ පස්වරුවේ සිටම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් සිදුකර තිබූ අතර, එම විශේෂ මෙහෙයුම් ඒකකයට නව ස්ථානාධිපතිවරයකු ඇතුළු නිලධාරීන් 15ක් ඊයේ සිටම පත්කර තිබුණි.

පසුගිය ජනවාරි 23 වැනිදා රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ පරීක්ෂණ සිදුකරනු ලබන අතර මේ ඝාතන සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මීට සතියකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();