පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව අද (25) අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතව ඇත.
පස්වරුවේ එය භාරදීමට කටයුතු කරන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මහතා කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරිමට පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා මෙම කමිටුව හමුවේ ප‍්‍රකාශයක් ද ලබාදුන්නේය.

0 Comments