Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනමාධ්‍ය ඇමති රාජකාරී අරඹයි

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (25) පොල්හෙන්ගොඩ පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.
 
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද රාජකාරි ආරම්භ කළ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් අමාත්‍යවරයා උණුසුම් 
ලෙස පිළිගන්නා ලදී. අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ  පිහිටි  බුදු මැදුර අසළ ආගමික වතාවත්වල යෙදුනේ ය.
 
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී නිලධාරී හමුවක් ද පැවැත්විණි.
 
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී.හැරිසන්,කබිනට් නොවන අමාත්‍ය අජිත් පි.පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();