Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ රුව චිත්‍රයට නැගු පිලිපීන චිත්‍ර ශිල්පියා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් පිළිගන්වන ලදී.
 
එම චිත්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී Ranilo Abayan  මහතා පසුගියදා සංචාරයක් සදහා දිවයිනට පැමිණි අතර සිය සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඒ මහතා හමුවීමට ඊයේ (24) පස්වරුවේ ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියේ ය.  
 
මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan  මහතා වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
 
මෙම අවස්ථාවට පිලිපීන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();