Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තොරතුරු තාක්ෂණ කර්මාන්තපුරයක් ඉංගිරියේ ඇතිකරනවා

නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ

පර්න්තන් රසායනික කම්හළ පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස පවත්වාගෙන් යාමටත් හොරණ ඉංගිරිය ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ කර්මාන්තපුරයක් නිර්මාණය කිරීමටත් කටයුතු කරන බව කර්මාන්ත වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ දී කොළඹ , ගම්පහ දිස්ත්‍රික්ක වල කර්මාන්තකරුවන්ගේ සහ ආයෝජකයන්ගේ ගැටලු සාකච්ඡා කර, කඩිනම් විසඳුම් ලබා දීම පිළිබඳව සංවිධානය කර තිබූ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේ ය.

මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ මතු වූයේ මා නියෝජ්‍ය අමාත්‍යවරයාව පත් වීමෙන් පසුව වෝටර්ස් එජ් පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ වැඩසටහන හරහා යි. එහිදී කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳව වැටහුණා. පසුව නොවැම්බර් මාසයේ රට පුරා ගොස් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු ආරම්භ කලා. නමුත් ඔක්තෝම්බර් 26 ඇති වූ සිදු වීමත් සමඟ ඒ සියල්ල නැවතුණා. එම වැඩසටහනේ අවසාන වැඩසටහන අද පවත්වනවා.

පාරිභෝගික අධිකාරිය, සතොස, ලක්සල පවතිනවා. සූසැට කලාවන්, වෙස් මුහුණු කර්මාන්තය, පිත්තල කර්මාන්තය ආදී ග්‍රාමීය කර්මාන්ත අද තවම ගම් මට්ටමින් පවතිනවා. ඒ අයව අපේ අමාත්‍යංශය හරහා ජාතික ශිල්ප සභාව සමඟ එකතු කර තිබෙනවා.

කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න වලට ප්‍රාදේශී සහ දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කමිටු හරහා පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා. කෙටිකාලීන, මැදි කාලීන සහ දිගු කාලීන වශයෙන් මෙම කර්මාන්තකරුවන්ට ගැටලු තිබෙනවා. මේ අතර ඉඩම් ප්‍රශ්න විසඳා කර්මාන්ත සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු කරනවා. බතික් රෙදි කර්මාන්තයේ නියැලෙන අයට රෙදි ගෙන්වීමේදී අයකරනු ලබන බදු පිළිබඳවත් ගැටලු තිබෙනවා. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ කතා කර බතික් සඳහා ගෙනෙන අමු රෙදි සඳහා බදු සහනයක් ලබා දීමට කටයුතු කරනවා. කර්මාන්ත වල සේවයේ නියැලෙන සේවකයන් පිළිබඳ ගැටලු තිබෙනවා. අද හැමෝම රජයේ රැකියා හොයනවා. මෙවන් තත්ත්වයක් තුළ මෙම කර්මාන්ත සඳහා කම්කරුවන් සොයන්න හරිම අමාරුයි.

දිගු කාලීන ප්‍රතිපත්ති සම්පාදනයට අදාල අදහස් ලැබෙනවා. කර්මාන්ත පුරවර වල ගොඩනැඟිලි, යටිතළ පහසුකම් වලට විසඳුම් ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දේ සංවර්ධන වැඩසටහන් වලට ඉදිරිපත් කල හැකි යෝජනා භාර දෙනවා. මෙම කර්මාන්තකරුවන් අපේ සතුරන් කියා අපි හිතන්නේ නැහැ. හොඳ කර්මාන්ත උත්පාදන සමඟ රැකියා උත්පාදනය කරන්න අරමුදල් ලබා දීමට අවස්ථා උදා කර තිබෙනවා. ණය ලබාදීම ක්ෂේත්‍ර ගණනාවකින් සිදු කෙරෙනවා. බැංකු 10 ක් ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. යලි ගෙවීම අවුරුදු 10 ක් දක්වා සිදු කිරීමට පුළුවන්.

කෘෂිකර්මය, අපනයන කෘෂිකර්මය ඇතුළුව ව්‍යාපෘති වාර්තා සඳහා ණය ලබා දීම සිදු කරනවා. එහිදී ණය ප්‍රමාණයෙන් අඩක් ආණ්ඩුවෙන් ගෙවනවා. ඉතිරි කොටස දිගු කාලීන ණයක් වශයෙන් ගෙවන්න පුළුවන්. කාන්තාවක්, කාන්තාවන් පිරිසක් විසින් මෙම කර්මාන්ත ආරම්භ කරනවා නම් තවත් වාසි තිබෙනවා.

කර්මාන්ත වලින් පරිසරයට හානි සිදු වනවා නම් පරිසර හිතකාමී චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් අපේ අමාත්‍යංශය හරහා හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා අපේ අමාත්‍යංශයේ සහය ලබා දෙනවා. කර්මාන්ත පුරවර ඉඩම් වල පවත්වාගෙන ගිය කර්මාන්ත වලින් සමහර ඒවා අද නැහැ. එම කර්මාන්ත නැවත මේ යාන්ත්‍රණයට සම්බන්ධ කර ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

පර්න්තන් රසායනික කම්හල පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස පවත්වාගෙන් යාමටත් හොරණ ඉංගිරිය ප්‍රදේශයේ තොරතුර තාක්ෂණය මත පදනම් වූ කර්මාන්තපුරයක් නිර්මාණය කිරීමටත් කටයුතු කරනවා. බණ්ඩාරගම කර්මාන්තපුරය සඳහා ගිය සති දෙකේ දී මුල්ගල තැබීම සිදු කලා.

කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීම එකම වහලක් යටින් සිදු කිරීමටත්, අවසර ලබා ගැනීම්, නියාමනය කරන්න කටයතු කරනවා. ඒවාගේම කර්මාන්ත සඳහා තොරතුරු තාක්ෂණය පදනම් කරගත්, නව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි මේ ක්ෂේත්‍රය සඳහා ද සම්බන්ධ කරන්න් කටයුතු කරනවා. ඒ සමඟින් ආර්ථික හා සමාජ ප්‍රගමනය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. දරුවන්ට කියන්න ඕනේ හොඳ රැකියා නිර්මාණය කරන්න කියලා යි.

කර්මාන්ත වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්- ව්‍යවසායකයන් ලක්ෂ 02ක් අලුතින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද ඉවර වන විට මේ අංශයෙන් ප්‍රගමනයක් ලබන්න කටයුතු කරනවා.

කර්මාන්තකරුවන් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්කු වෙනවා. මේ අවුරුද්ද තුල කර්මාන්තකරුවන් ඇගයීමට ලක් කරන්න කටයුතු කරනවා.

ව්‍යාපාරනාම ඇස්තමේන්තුගත කර පරිගණකගත කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ප්‍රදේශීය ලේකම් කාර්යයාල හරහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට කටයුත කරනවා. එමගින් සමාජ ආර්ථිකය නංවන්නට කටයුතු කරනවා.

චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();