Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී නැවත ජනපති අපේක්ෂකයා වෙනවා නම් මම කැමතියි

එහෙත් ඒ බව එතුමා කිසිදවසක කියා නැති බව සරත් ඒකනායක කියයි

මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපති අපේක්ෂකයා වෙනවානම් මම කැමති බවත් නමුත් එතුමා කිසිම දවසක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් ප්‍රකාශ කර නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබාදෙම්න් ඒ මහතා එසේ පැවසිය.

තවදුරටත් එ් මහතා මෙසේද පැවසිය.

හමුදා නිලධාරීන්ට යුධ අපරාධ චෝදනා ගොණු කරනවා කියලා කියනවා නේද.ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම පාවා දෙන්නෝ හිටියා. යුද්ධයක් කියන්නේ පිස්තෝලය තියා ගෙන වෙඩි තියලා යනකම් බලන් ඉන්න එකක් නොවෙයි.ඒකේදී තමන්ගේ ආරක්ෂාවට යුද්ධය ජයග්‍රහණය කරන්‍ෙ එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්.නමුත් ඒ සිදුවීම් සියල්ලම අර්ථ කථනය කරනවා නම් හිතා මතා සිදු කළ අපරාධ කියලා අධිකරණයට ගෙන යන්න හදනවා නම් ඒක මහා අසාධාරණයක්.

ගජබා රෙජිමේන්තුවේ විතරක් සොල්දාදුවෝ හා නිලධාරින් හාරදහසකට වැඩිය ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.ආබාධිත වෙලා ඉන්නවා.කවුද එහෙනම් ඒවාට වග කියන්නේ.ඒවා යුද්ධයකදී සිදු වෙන දේවල්.නමුත් හිතාමතා කවුරු හෝ වරදක් කර ඇත්නම් ඒකට දඩුවම් දෙන එක වෙනම දෙයක්.නමුත් සමස්ථයක් විදිහට රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීම අපි කොහෙත්ම එකඟ වෙන්නේ නෑ.

ජනාධිපතිතුමන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කරනවා නේද. 2015 ජනවාරී මාසේ 8 වැනිදා මහ වෙනසක් කළා.තිබුණ ආණ්ඩුව පිළිබඳ යම් යම් කළකිරීම් තියෙන්න ඇති.නමුත් ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සිදු වෙද්දී ඒ වෙනස කෙළේ.ඒ වෙනස මේ රටේ යහපාලනය කියන වචනයට අර්ථ කථනයක් දෙන එකක් වෙන්න ඕනෑ.නමුත් යහපාලන ආණ්ඩුව කිව්වාට ඒකට අර්ථ කථනයක් ලැබුණේ නෑ.අර සිදු වුණ සිදුවීම් එහෙම වුණා වගේම මහා පරිමාණ බැංකු මංකොල්ලයන් පවා සිද්ධ වුණා.ජනාධිපතිතුමන්ට ඒ සමයේ සිදු වූ සිදුවීම් එක්ක මේකේ තව ඉන්නවාද නැද්ද කියන කාරණයත් එක්කයි මේ දේ කිව්වේ.

ජනාධිපතිතුමත්- විපක්ෂනායකතුමත් එකතු වෙලා සන්ධාන ගත වීමට සූදානමක් තියෙනවා නේද ?

ඇත්තටම අපි එකම පක්ෂයකනේ.සුළු ප්‍රශ්නයක් නිසා ඇති වුණ විරසකයකින් වෙනත් පක්ෂයක් නිර් මානය වීමට කටයුතු සිද්ධ වුණා.ඒකෙන් අදහස් වෙන්නේ නෑ ප්‍රගතිශීලී ජන කොටස් වෙනස් වුණා කියලා.ප්‍රගතිශීලි ජනකොටස එහෙම්මයි.ඒ අය එක තැනකට ඇවිල්ලා එක ලකුණක් යටතේ එක පක්ෂයක් යටතේ ඉදිරි මැතිවරණ වලදී ජයග්‍රහණය කිරීමේ වැදගත්කම සමස්ථ ජනතාවම පිළිඅරන් තියෙනවා.හේතුව මේ රට අද යන්නේ කොහාටද. මේ රට යන තැන කවුරුවත් දන්නේ නෑ.ඒ නිසා රට නැවතත් දියුණු යැයි කියන රටක් බවට පත් කරන්නට නම් අපේ රට යහපත් මිනිස්සුන්ගෙන් පිරි සමාජයක් බවට පත් කරන්න නම් අනිවාරයෙන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් පැමිණිය යුතුයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();