Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිව්ස් යළි පිටියට

චමිල කරවිට

නවසීලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය පූර්ණ සුවය ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ලබන සඳුදා සිට පැවැත්වෙන දේශීය එක්දින තරගාවලියේදී යළි පිටියට අවතීර්ණ වීමේ බලාපොරොත්තුවෙන් සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ලබන සඳුදා ආරම්භ වන දේශීය ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට මැතිව්ස් ක්‍රීඩා කරනු ඇත.

කලවයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට නවසීලන්තය සමඟ පැවැති එක්දින සහ විස්සයි/20 තරගාවලිය, ඔස්ට්‍රේලියාව සමඟ සහ දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් ලබන මාර්තු 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා මැතිව්ස් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරුණද, ඔහුගේ ආබාධය සම්බන්ධව වූ පුනරුත්ථාපන වැඩපිළිවෙල 100% කින් අවසන් වී නොතිබීම හේතුවෙන් එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාවද මැතිව්ස්ට අහිමිවිය.

ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින් පුහුණුවීම් සිදුකරන කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊ යේ (27 දා) දිනයේදී මැතිව්ස් සිය සුපුරුදු පුහුණුවීම්වල නිරත වනු දක්නට ලැබුණු අතර ඒ අතරතුරදී 'දිනමිණ' හමුවේද අදහස් දක්වා කියා සිටියේ තමන් දැන් පූර්ණ සුවය ලබා සිටින බවත්, ලබන සඳුදා ආරම්භ වන දේශීය සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට යටතේ සිය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සූදානමින් පසුවන බවයි.

ලබන සඳුදා සිට මැතිව්ස් දේශීය ක්‍රීඩා පිටියට අවතීර්ණ වුවත්, ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකාවට තරග වැදීම සඳහා එකම හෝ තරගාවලියක් නොමැත. එබැවින් මැතිව්ස්ගේ පළමු ජාත්‍යන්තර ආගමනය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන ජුනි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය වේ.

අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවේ නායකයා ලෙස කටයුතු කොට ඇති මැතිව්ස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 80 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.79 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 5554 ක්ද එක්දින තරග 203 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.36 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 5380 ක්ද රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යක් රඳවා තබා ගැනීමේ වාර්තාවටද හිමිකම් කියන මැතිව්ස් ටෙස්ට් තරග අංශයේ එහි සිව්වැනි ස්ථානයේ පසුවේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මැතිව්ස් මේ වන විට ටෙස්ට් තරග අංශයෙන් කඩුලු 33 ක්ද, එක්දින තරග අංශයෙන් කඩුලු 114 ක්ද බිඳ හෙළා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();