Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි

රත්ගම - බූස්ස ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල - හැවැන්දෙණිය රක්ෂිතයෙන් සොයාගෙන තිබේ.
 
වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (26) එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය.
 
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවල දී හෙළිවිය.
 
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු අනූව පරීක්ෂණ පැවැත්විණ.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල මැදගම්ගොඩ සිට පිස්සුබැද්ද දක්වා වැටී ඇති මාර්ගයේ හැවැන්දෙනිය රක්ෂිතයේ තුන්මෝදර ඇළ මාර්ගයේ අතුරු ඇළ මාර්ගයක තිබී පිළිස්සුනු අස්ථි කොටස්, මාංශ කොටස් කිහිපයක් සහ දත් කොටස් කිහිපයක් ඉකුත් දා (22) සොයා ගැනිණ.
 
ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ යැයි සැකකරන දිගින් සෙන්ටිමීටර එකත් හතරත් අතර ප්‍රමාණවලින් යුතු අස්ථි කොටස් කිහිපයක් යළි සොයාගෙන තිබිණ. ඉකුත් දා සොයාගත් පිළිස්සුනු අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සිට මීටර හතරක් පමණ දුරින් මෙම කොටස් කිහිපය තිබී සොයාගැනිණ.
 
ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය තුන්මෝදර ඇළ මාර්ගයේ දමා පුළුස්සා ඇතැයි, පොලිස් නිලධාරීහු සැක කරති.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();