Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොකේන් වාර්තාව අගමැතිට බාරදෙයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුවේ වාර්තාව ඊයේ (25) අග්‍රාමාත්‍යවරයාට වෙත බාර දී තිබේ.

අදාළ වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාරදුන් බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. අදාළ ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කමිටුවක් පත් කරනු ලැබුවේය. රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්මන්ත්‍රී ආශු මාරසිංහ, නීති‍ ලේකම් ලෙස නිශාන්ත නානායක්කාර මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වූහ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ඔහු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();