Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද දේශපාලකයන් මැතිවරණයේ සුදුසුකම් වෙනුවෙන් සටනක

පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

රටේ සිදු වන සියලුම යහපත් සිදුවීම්වලට අයිතිවාසිකම් කියන එකත්, රටේ අයහපත් සිදුවීම් පිළිබඳව හිටපු පාලකයන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට චෝදනා කර කර ඉන්න එකත් වර්තමාන පාලකයන්ගේ විශේෂත්වයක්. ක්‍රිකට් කණ්ඩායම් ජයක් ලැබුවොත් පාලකයන් ඒකටත් අයිතිවාසිකම් කියන තත්ත්වයක් අද නිර්මාණය වෙලා. මේ මෑතක දී තිබු හොඳම මැච් එක තමයි, මාකඳුරේ මධූෂ් කියන පාතාල නායකයා අත්අඩංගුවට ගැනීම. මේකෙ දී ජනාධිපති කියනවා, මම පොලිසිය භාරගෙන මාස දෙකෙන් මේ දේ කළා කියලා. එක්සත් ජාතික පක්ෂය කියනවා, අපි අවුරුදු එක හමාරක ඉඳලා තමයි ඔය මෙහෙයුම් ආරම්භ කළේ කියලා. මේ අය දැන් ලෑස්ති වෙන්නේ ඉදිරියේ දී එන මැතිවරණයට සුදුසුකම් හදා ගන්න සටන දිනා ගන්න. ඒක තමයි ඇත්ත. යැයි පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කන්තලේ නගර ශාලාවේ පැවති පෙරටුගාමී පක්ෂයේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

රට අර්බූද රාශියකට මුහුණ දී තිබෙනවා. එහි ප්‍රධානම අර්බූදය තමයි ආර්ථික අර්බූදය. අනෙක තමයි දේශපාලන අර්බූදය. මෙයින් රට අරාජික වෙලා. නමුත් මේ දේශපාලකයන් අතරේ සැබෑ අර්බූදයක් නෑ. ඒක හොඳටම තේරෙනවා මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාගේ මඟුල් උත්සවයෙන්. මේ අය අපිට පේන්න රඟ දැක්වීමක් තමයි කරන්නේ. අපිට කවදාකවත්ම හිතන්න බෑ පසුගිය රජයේ දූෂණවලට මේ රජයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා.

2015 ජනාධිපතිවරණයේ ප්‍රධානම පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන එක. දැන් 2019. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාද. නෑ. රටේ තිබෙන ප්‍රධා‍ෙතම ප්‍රගතිශීලී බලවේගය තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ. මේ අය දැන් අවුරුදු 4ක් පුරා එක පෝස්ටරයක් ගැහුවාද විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. ඒ අයගේ බලාපොරොත්තුවත් මේ විධායක ක්‍රමය යටතේ බලයට එන එක. දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා, අපි යන්නේ ජනාධිපතිවරණයකට කියලා. නමුත් ඒ අය අකමැතියි, ජනාධිපතිවරණයකට යන්න. මොකද ඒ අයට අපේක්ෂකයෙක් නැති ප්‍රශ්නය තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා කල්පනා කරනවා, ජනාධිපතිවරණය තිබ්බොත් අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් ගන්නවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගන්නවාද කියලා. එයා දැන් බලන්නේ ඊළඟ ජනාධිපතිවරණයට සුදුස්සෙක් වෙන්නේ කොහොමද කියලා.

ශ්‍රී ලංකාව ආසියාවේ වටිනාකමක් ඇති ධනවාදී රට බවට පත් කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා. ඔය කියන වටිනාකමක් ඇති ධනවාදී රටවල් බවට පත් කරන්න ගිය ලෝකේ රටවල් කීයක් විවිධ අර්බූදවලට ලක් වුණාද, කඩා වැටුණාද කියලා මෑත දේශපාලන ඉතිහාසයේ තිබෙනවා. ඒ රටවල් නැත්තටම නැති වුණා. ඔය කියන සුරංගනා ලෝකය ගොඩ නඟන්න බෑ නිසි ආර්ථික කළමනාකරණයක් නැතිව. මේ රටට ආදරය කරන පාලකයන් නැතිව මහින්ද රාජපක්ෂ මහතාත් පරණ කතාවම කිය කියා රට වටේ යනවා. එයාට ව්‍යවස්ථාවට අනුව නැවත ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැරි නිසා එයා බලනවා රටේ නායකයා වෙන්න වෙනත් ක්‍රමයක්. ඕක තමයි, ලංකාවේ වර්තමාන දේශපාලන අර්බූදය.

මේ කියන දේශපාලන අර්බූදය ආරම්භ වුණේෙ 2007ඉඳලා. ඒ තත්ත්වය අදටත් ඒ ආකාරයටම තිබෙනවා. මේ අය මැජික් තමයි පෙන්වන්නේ. ජනතාවට නියම ආර්ථික ක්‍රියාවලියක් නෑ. මේ සෑම කෙනාම තමන් කරනවා කියලා ගමට ඇවිත් කරන වියදම් ඔක්කොම විදේශ ණය. මේ අයගේ පැවැත්මට තමයි මේ අය රට ණය උගුලේ පටලවන්නේ. මේ අය දැන් අලුත් ආර්ථික න්‍යායක් හදාගෙන තිබෙනවා. ඒකේ පළමු වැන්න තමයි ණය ආර්ථිකය කියන එක. දෙවැනි එක ආනයන අපනයන බදු ආර්ථිකය සහ රජයේ ආදායම කියන එක. මේ ණය ගෙවන්න වෙන්නේ රටේ දුප්පත් ජනතාවට.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

ඡායාරූපය - කන්තලේ සමූහ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();