ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 16 දෙනකු අද(28) එරට මහාධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම සැකකරුවන් වෙනුවෙන් එරටට ගොස් සිටින නීතිඥවරු පවසති. පසුගිය පෙබරවාරි 4 වැනිදා ඩුබායි හෝටලයක රාත්‍රි සාදයක් අවස්ථාවේ අත් අඩංගුවට ගනු ලැබු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වු මාකදුරේ මධුෂ් ඇතුළු මෙරටට අවශ්‍ය කරන සුවිශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවක් සහ මෙරට කලාකරුවන් වු අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල්පෙරේරා ඇතුළු තවත් කලාකරුවන් ද සහිත තිහකට වැඩි පිරිසක් මෙදින අත් අඩංගුවට ගනු ලැබිණි.
මසකට ආසන්න කාලයක් මේ පිරිස වෙනුවෙන් පරික්ෂණ පැවැත්විම ඩුබායි පොලිසිය සහ එරට අධිකරණය සම්බන්ධිකරණය කරන විශේෂඥ නිති උපදේශණ නිලධාරියා ගේ අධික්ෂණය යටතේ සිදු කෙරිණි
මෙම කාලය තුළ මෙම පිරිස සම්බන්ධයෙන් රුධිර පරික්ෂණයක පවත්වා මත්ද්‍රව්‍ය ශරිර ගතවි ඇති පිරිස හදුනාගනු ලැබිණි එහිදි අමල් පෙරේරාගේ පුතා මදුෂ්ගේ බිරිය සහ තවත් පිරිසක් මත්ද්‍රව්‍ය ශරිර ගත වි නැති බවට දැනුම් දි තිබුණි.සෙසු පිරිස සම්බන්ධයෙන් එරට නීතිතීයට අනුව මහාධිකරණයට ඉදිරිපත් කරනවාද නැතහොත් ලංකාවට එවනවාද යන්න යන්න තිරණය කරනු ලබන්යේ ඉහත සඳහන් නීතී උපදේශණ නිලධාරියා විසින් ය ඩුබායි පොලිසිය විසින් මේ සැකකරුවන් වෙනුවෙන් පවත්වන ලද පරික්ෂණ වාර්තාද මෙම නිලධාරියාගේ අවධානයට පසුගිය දිනවලවරින් වර ලක්වු බවද පැවසේ.
ඒ අනුව මෙම නිලධාරියා විසින් මෙම සැකකරුවන් එරට අධිකරණ්යට ඉදිරිපත් කිරිමේ ලකුණු දක්නට තිබු බවද එම නිතිඥවරුන් විසින් ප්‍රකාශ කරති
මේ වන විට මෙරටින් එරටට ගොස් සිටින නිතිඥවරුන්ගේද සහාය මත සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටිමට එරටින් සහ ඉංදියාවෙන් නිතිඥවරුන් සුදානම් කර තිබේ.මෙම එක් නිතිඥවරයෙක් වෙනුවෙන් මෙරට මුදලින් රුපියල්කෝටි දෙකකට වැඩි මුදලක් එක් වාරයක් සඳහා පමණක් ගෙවිය යුතු බවට ද තොරතුරු ලැබි ඇත.
තවද එරට අධිකරණය ට අද දින ඉදිරිපත් කළහොත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලික විමසිමක් පමණක් අද දින සිදුවිය හැකි බවත් ඉදිරියට තවදුරටත් මෙහිදි නිදහස් විය යුතුව ඇති පිරිස පමණක් නිදහස් කර සෙසු පිරිස යළි රිමාන්ඩ් බාරයට පත් කර තවත් වසරකින් පමණ මේ නඩුව විභාගයට ගැනිමට ඉඩ ඇති බව පවසන අතර ඊට හේතුව වශයෙන් ඔවුන් පවසා සිටින්නේ මේ වන විට එරට මහාධිකරණ ය හමුවේ විභාග වෙන්නේ 2017 ඉදිරිපත් වු පැමිණිලි සම්බන්ධ නඩු විභාගයන් බව ද වාර්තා වෙයි.
0 Comments