Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉල්ලීම්12න් 11ක්ම සැපිරුවා

Author(s): 
උදුලා පීරිස්

රාජ්‍ය කළමනාකාර සහකාර සේවකයන් අද(27) දියත්කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය මුළුමනින්ම අසාධාරණ වැඩ වර්ජනයක් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. මේ අය ඉල්ලන ඉල්ලීම් 12න් 01ක් හැර 11ක්ම අපි සපුරා ඇති බවත් ඔවුන් ඉල්ලන උපාධිධාරීන්ගේ වැටුපට සමාන වැටුප් තලවල පිහිටුවුවහොත් වැටුප් විෂමතාවක් ඇතිවන බැවින් මේ අවස්ථාවේ එවැන්නක් සිදුකිරීමට නොහැකි බවත් ඇමැතිවරයා අවධාරනය කෙළේය.

එසේම අදාළ ඉල්ලීම ඉටු කළහොත් උපාධිධාරීන්ගේද වැටුප් වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේවා දේශපාලන අවශ්‍යතා මත රජය අපහසුතාවට පත්කිරීමේ චේතනාවෙන් සිදුකරන වැඩ වර්ජන බවද කීය.

ඉතිහාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැඩිම වැටුප් වැඩි කිරීම සිදු කරනු ලැබුවේ අපේ රජය බලයට පත්වීමෙන් පසු බව අවධාරනය කළ ඇමැතිවරයා ඒ වන තෙක් ඔවුන්ගේ වැටුපට එල්ලා තිබූ දීමනා සියල්ලම අපි මූලික වැටුපට එකතුකළ බවද හෙතෙම අවධාරනය කෙළේය. රාජ්‍ය සේවකයින් වෙත මේසා සුවිශාල සහන ලබාදී තිබියදීත් රජය අපහසුතාවට දැමීමේ වුවමනාවෙන් සිදු කරන වැඩ වර්ජන අපි කිසිසේත් අනුමත කරන්නේ නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();