සාන්තුවරයන්ගේ සටන පිළිබඳ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි. එහිදි සාන්ත ජෝශප් විදුහල්පති ට්‍රෙවිස් ගේබ්‍රියෙල් පියතුමාට සහ සාන්ත පීතර විදුහල්පති ට්‍රෙවර් මාටින් පියතුමාට සාන්තුවරයන්ගේ සටනේ අනුග්‍රාහකත්වය ඩයලොග් ආසියාටා සමාගමේ ඩිජිටල් සේවා සමූහ ප්‍රධාන නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් පිරිනමනු ලැබූ අවස්ථාව. සා.ජෝශප් විදුහලේ ක්‍රීඩා භාර මිලාන් බර්නාඩ් පියතුමා සහ සා.පීතර විදුහලේ ක්‍රීඩා සම්බන්ධිකාරක තිළිණ පැතුම් පියතුමාද මෙහි වෙති.
ජාතික ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් දායාද කළ කොළඹ සාන්ත ජෝශප් සහ සාන්ත පීතර විදුහල් අතර 85 වැනි ‘සාන්තුවරයන්ගේ සටන‘ මහා ක්‍රිකට් තරගය මාර්තු මස 1 සහ 2 පී.සරවනමුත්තු ඕවල් පිටියේදි පැවැත්වෙයි. කොළඹ පාසල් මහා ට තරග බිමේ කැපී පෙනෙන තරගයක් ලෙස සැළකෙන සාන්තුවරයන්ගේ සටන මොරිස් ජේ.ලෙජොක් පියතුමාගේ නමින් පිදෙන කුසලානය වෙනුවෙන් පවත්වන්නකි.
මීට පෙර දෙවිදුහල අතර පැවැති තරග 84න් තරග 12ක් ජයගත් සාන්ත ජෝශප් විදුහල් පිල ඉදිරියෙන් පසුවන අතර සාන්ත පීතර විදුහල් පිල දිනා ඇත්තේ තරග 10ක් පමණි. කෙසේවුවත් අවසන් වරට 2016දී සාන්තුවරයන්ගේ සටන ජයගැනීමට සමත්වූ සාන්ත පීතර විදුහල් පිල මොරිස් ජෝ.ලෙජොක් කුසලානය අතැතිව සිටි. එවර සාන්ත පීතර විදුහල් පිල මෙහෙයවනු ලැබුවේ පිටදඟ පන්දු යවන විනූ මොහොට්ටි විසිනි. සාන්ත ජෝශප් විදුහල් පිල අවසන් වරට සාන්තුවරයන්ගේ සටන ජයගනු ලැබුවේ රුවන්ත ප්රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේදිය.
මෙවර තරගයේදි සාන්ත ජෝශප් කණ්ඩායම පිටදඟ පන්දු යවන අශේන ඩැනියෙල් විසින් මෙහෙයවනු ලබන අතර තුන්ඉරියව් ක්‍රීඩක රන්මිත් ජයසේන සාන්ත පීතර විදුහල් පිල මෙහෙයවනු ඇත.
ඇන්ජෙලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම ජාතික කණ්ඩායමට එක්වූයේ සාන්ත ජෝශප් විදුහලෙනි. රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ්, විනෝදන් ජෝන්, අමල් සිල්වා, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර සහ ඇන්ජෙලෝ පෙරේරා සාන්ත පීතර විදුහල නියෝජනය කරමින් ජාතික පිලට සේන්දු වූ ක්‍රීඩකයෝ වෙති.
සාන්තුවරයන්ගේ සටනට ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය ලැබී ඇත්තේ සිවුවැනි වරටය.
ෆවුස් මොහොමඩ්

0 Comments