ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නව දෙනෙක් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) දෙකක් ද නාවික හමුදා බාරයට ඊයේ(25) ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇතැයි නාවික හමුදාව පවසයි.
0 Comments