සියලු පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීම සදහා ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන්කර සිටියි. ඒ අනුව මෙතෙක් විසිරි නැති සියලු පළාත් සභාද විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ඒ සදහා වන විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් මීලග කැබිනට් මණ්ඩලයකට ඉදිරිපත් කෙරෙනු ඇති බවද සදහන්ය.
ජනාධිපතිවරයා විදේශගතවීමට කලින් එම කැබිනට් පත‍්‍රිකාව සදහා අත්සන් තබා තිබූ බවටද සදහන්වන අතර ඒ අනුව පසු පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නට කටයුතු සූදානම් කෙරෙනු ඇති බවද සදහන්ය.
The post බස්නාහිර, ඌව, දකුණත් විසුරවයි. පළාත් සභා ඡන්දයට උවමනා විශේෂ කැබිනට් පත්‍රිකාව සුදානම්. appeared first on Lanka News Column.
0 Comments