Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද අගමැති කරන සටන අතහැර නැහැ.. සැලසුම යළි ක‍්‍රියාත්මකයි – ජනපති


Image result for maithripala sirisena

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අත් හැර නොමැති බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කඩාගෙන ගොස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් ඉඩ නොදෙන බවත් ඒ වෙනුවට ශක්තිමත් සන්ධානයක් මගින් අපේ ආණ්ඩුවක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පසුගිය දිනවල තමනට විරුද්ධව කුමන්ත්‍රණය කරන මූලස්ථානය වූ බවත් එහි සිට විවිධ පුද්ගලයන් තමනට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තමන් පක්ෂ නායකයා බව ද එම පිරිස අමතක කර තිබූ බවත් සදහන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();