Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400කින් වෙන වෙනම ලිපි

Related image

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

මෙම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත හෙට(16දා) දිනයේ භාරදීමටත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ලිපි ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටත් සමස්ත ලංකා හින්දු සම්මේලනය යොදාගෙන තිබේ.

ඥානසාර හිමියන්ට ඉතා ඉක්මනින් ජනාධිපති නිදහස ලබාදිය යුතුය යන්න හින්දු ජනතාවගේ අදහසයැයි සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර වයඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් එම පළාතේ සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලවල ඉල්ලීම් ඇතුළත් ලිපියක් වයඹ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාට ලබන18 වැනිදා භාරදීමට සැලසුම් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();