Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප – පොහොට්ටු පුළුල් සන්ධානයෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් 05ක් යෝජනා වෙයි.. සියලු නම් මෙන්න..

Image result for gota maithree

පොදුජන පෙරමුණ ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට මේ වන විට අපේක්‍ෂකයන් පස් දෙනෙකු යෝජනා වී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මුලින්ම යෝජනා කළේ මමයි. වාසුදේව නානායක්කාර මැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා කළා. විමලවීර දිසානායක මන්ත්‍රීතුමන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළා. බැසිල් රාජපක්ෂ මහතා විසින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමන් ගේ නම යෝජනා කළා. දැන් දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමන් විසින් මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති තුමන්ගේ නමත් යෝජනා කර තියෙනවා.

ජනාධිපතිවරණයට තව මාස නවයක් තියෙනවා.. ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි දැන් ම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද තවත් මාස නමයක පමණ කාලයක් ජනාධිපතිවරණයට තියෙනවා.

එජාපයත් පොදු අපේක්ෂකයා විදිහට විවිධ නම් ප්‍රකාශ කරමින් ඉඳලා තමයි අවසන් මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ව ජනාධිපතිවරණයට ගෙන එන්නේ. අපි ජනතාවට එකක් සහතික කර කියනවා. ජනාධිපතිවරණයට අපගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී තිබෙන නම් පහ අතරින් ජනප්‍රියතම පුද්ගලයා තමයි අපේ අපේක්ෂකයා වන්නේ. මොකද අපි මැතිවරණයකට යන්නේ දිනන්නයි. එයා කවුදැයි තීරණය කිරීම ජනතාවටම බාරයි.

– අරවින්ද අතුකෝරල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();