Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අර්ජුන්ගේ පෙම්වතිය

දෙසැම්බර් 27, 2018

අර්ජුන් කපූර් මේ වන විට බොලිවුඩයේ තම අන්‍යතාව ගොඩනගා ගන්නට සමත් යොවුන් නළුවෙක්. 2012 වසරේ Ishaqzaade  චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ඔහු Gunday, 2 States (2014), Half Girlfriend ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වුණා. මේ වසරේදී ඔහු දායක වූ  Namaste England සාර්ථක චිත්‍රපටයක් බවට පත් වූයේ නැහැ. එහි ඔහු සමඟින් රංගනයේ යෙදුණු පරිනීති චොප්රා පිළිබඳවත් කාගේත් අවධානය යොමු වුණා. ඔවුන් පෙම්වතුන් වනු ඇති බවට බොහෝ දෙනා මත පළ කළ අතර අර්ජුන්ගේ මිත්තණිය පැවසුවේ ඇය ඔහුගේ පෙම්වතිය විය යුතු බවයි.

33 හැවිරිදි අර්ජුන් මේ වන විට පෙම්වතෙක් බවත් ආරංචියි. හැබැයි ඔහුගේ පෙම්වතිය පරිනීති නම් නොවෙයි. අර්ජුන්ගේ හදවත දිනා සිටින්නේ මලයිකා අරෝරා බවයි පැවසෙන්නේ. 45 හැවිරිදි මලයිකා මීට පෙර සල්මන්ගේ සහෝදරයා වන අර්බාස් ඛාන් සමඟින් විවාහ වී සිටියා. 2017 වසරේ ඔවුන් වෙන් වූ අතර 16 හැවිරිදි පුතුගේ අයිතිය පැවරුණේ මලයිකා වෙතටයි. මේ දිනවල මලයිකා සහ අර්ජුන් නිරන්තරයෙන් එකට ගමන් බිමන් යනු දකින්නට ලැබෙන බවත් පැවසෙනවා. ළඟඳීම ඔවුන් එක වහලක් යටට පැමිණෙනු ඇති බවත් ආරංචි අතර වේ.





Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();