අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ණය ගෙවීම පැහැර හරිමින් සිටි කිංග්ෆිෂර් බියර් සමාගමේ ද හිමිකරු වූ විජේ මල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට පිටුවහල් කළ හැකි බව ලන්ඩන් අධිකරණයක් තීන්දු කර තිබේ. ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යැවීමට නියමිතය.
2016 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාවෙන් පිට වී ඇති විජේ මල්යා තමන් ඉන්දියාවෙන් "පළා ගිය" බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ,"කොන්දේසි විරහිතව" ජූලි මාසයේදී සියලු මුදල් ආපසු ගෙවන බවට තමන් දැනුම් දී ඇති බවය. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයන් අතර ඉහළ ස්ථානයක රැඳී සිටි ඔහු ඉතා වේගයෙන් තම ගෞරවය අහිමි කර ගත් පුද්ගලයෙකි.
0 Comments