ඉදිරි දින කිහිපය තුළ උතුරු සිරියාවේ අමෙරිකානු සහාය ලබන කුර්දි හමුදාවට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරන බව තූර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් පවසයි. හමගින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ගෙන් නැඟෙනහිර ප්‍රදේශය නිදහස් කර ගන්නා බව ඔහු අවධාරණය කරයි. කෙසේ වුවත් මෙහිදී ඉලක්ක කෙරෙන ප්‍රදේශ පිළිබඳව අනාවරණය නොකිරීමට ජනාධිපතිවරයා පරෙස්සම් වී තිබේ. එය කිසිසේත්ම අමෙරිකානු සොල්දාදුවන් ඉලක්ක කර සිදු කරන මෙහෙයුමක් නොවන බව ද ඔහු පවසයි. මේ වන විට සිරියාව තුළ අමෙරිකානු සොල්දාදුවන් 2,000ක් පමණ රඳවා ඇති අතර එයින් වැඩි ප්‍රමාණයක් උතුරු ප්‍රදේශයට යොමු කර තිබේ.
0 Comments