Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ හෙට සිට වසා තැබේ.
 
ඉන්ධන බදු සහන ලබා දෙන ලෙස උද්ඝෝෂකයින් විසින් සිදුකළ ප්‍රචණ්ඩක්‍රියා මීට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
පැරිස් නුවර හරහා ප්‍රධාන නගරවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 89,000ක් රාජකාරියේ යොදවා තිබේ. ඒ උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය එඩ්වාර්ඩ් පිලිප් සඳහන් කළේය. කෞතුකාගාරය, වෙළෙඳසැල් සහ ආපන ශාලා වසා තබන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
පසුගිය සති තුන පුරා අගනුවර හා ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර උත්සන්න වෙමින් පැවතිණ. ඒ අවස්ථාවේ දී උද්ඝෝෂණකයන්ගේ ඉල්ලීමට සවන් දෙමින් ප්‍රංශ රජය ඉන්ධන බදු පැනවීම ඉවත් කරන බව නිවේදනය කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();