Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇන්ජලෝ-මාලිංග කෝටි දෙකේ සමාජයට

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර අයි. පී. එල් ක්‍රිකට් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක ලංසුවක් ඉදිරිපත්ව තිබේ. මෙවැනි කෝටි දෙකේ ලංසුවලට ලැයිස්තුගත කොට ඇති විදෙස් ක්‍රීඩකයන් ඇතුලුව සියලුම වෙන්දේසි මේ 18වැනිදා ජායිපූර් හීදී සිදුකෙරේ.

විදෙස් ක්‍රීඩකයන් හා ඉන්දීය ක්‍රීඩකයන්ට වෙන වෙනම මිල ගණන් ඉදිරිපත්ව ඇති අතර කෝටි දෙකේ ලංසු ලැයිස්තුවට එංගලන්තයේ සෑම් කරන්, නවසීලන්තයේ කොරේ ඇන්ඩර්සන් හා බ්‍රෙන්ඩන් මැක්ලම් එක්ව සිටිති.

මේ වනවිට අයි. පී. එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 1003ක් ලියාපදිංචිවී සිටින අතර එයින් ක්‍රීඩකයන් 232ක් විදෙස් ක්‍රීඩකයන් වේ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 28ක් ඇතුළත්ව සිටියද වෙන්දේසියෙන් පසු ක්‍රීඩක ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();