රාජ්‍ය සේවකයන් සඳහා රජය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික වැඩසටහනෙහි සබරගමුව පළාත් උළෙල පසුගියදා රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේ දී පැවැත්විනි.
රාජ්‍ය සේවකයන්ගේ කායික හා මානසික නිරෝගී භාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ජාතික වැඩසටහන රජය මගින් ක්‍රියාත්මක කර ඇත.
ව්‍යායාම සඳහා එම නිලධාරීන් යොමුකිරීමත් මත්ද්‍රව්‍ය, දුම්වැටි වලින් මුදවා ගැනීමෙන් ශරීරයට හිතකර ආහාර රටාවකට යොමුකිරීමත් මේ තුළින් අපේක්ෂා කෙරේ.
මෙදින පැවති ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ රත්නපුර පළාත් සභා පරිශ්‍රයේ සිට රත්නපුර උසාවිය හන්දිය දක්වා පා ගමනක් ද සංවිධාන කර තිබිණි.
එමෙන්ම අත්පන්දු තරගාවලිය ද මීට සමගාමීව පැවැත්වීමට පළාත් ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබිණී. මේ සඳහා සබරගමුව පළාත් රාජ්‍ය සේවාවේ නිලධාරීන් දහසක් පමණ එක්ව සිටියහ. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන ලේකම් ඩී.එම් මාලිනී, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, සභා ලේකම් පී.එච්.ආර්.එම්.විජයරාජ, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රුක්මණී ආරියරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ අධ්යක්ෂ (සැලසුම්) එම්.බී.එස්.එන්.කුමාරගේ සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා වනිගසිංහ මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
0 Comments