Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තායිවානයේදී අතුරුදන් වියට්නාම සංචාරක කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට

තායිවානයේ දී අතුරුදන් වූ වියට්නාම සංචාරක කණ්ඩායමේ තිදෙනකු එරට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. පසුගිය සතියේ පමණක් තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152 දෙනකු අතුරුදන් වී ඇත. ඔවුන් සියලුදෙනාම දෙසැම්බර් 21 වැනි දින සිට 23 වැනිදා දක්වා කාලය අතර කවෝශිංග් හරහා තායිවානයට පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර ඔවුන් සෙවීම සඳහා එරට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

තායිවාන පොලිසිය පවසන්නේ රැකියාවල යෙදීමේ අරමුණෙන් ඔවුන් මෙසේ නීති විරෝධීව එරටට ඇතුළු වන්නට ඇති බවයි. 2015 වසරේ සිට වියට්නාමය ඇතුළු ආසියානු රටවල් කීපයක සංචාරක වීසා ගාස්තු ඉවත් කෙරුණ අතර එතැන් පටන් සංචාරකයන් අතුරුදන්වීම වැඩි වී ඇති බව පොලිසිය පවසයි. කෙසේ වුවත් මෙතරම් විශාල ප්‍රමාණයක් අතුරුදන් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ආසියානු කලාපයේ ඉහළම ඒක පුද්ගල ආදායම සහිත රටක් වන තායිවානය සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් කටයුතු කළ ද මෙවන් සිද්ධීන් හමුවේ සංචාරකයන්ට සීමා පැනවීමට සිදු වන බව බලධාරීහු පවසති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();