ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුවී ඇත්තේ ශ්‍රීලනිපය තුළ මතුව ඇති අභ්‍යන්තරව ඇතිව තිබෙන බෙදීමක් බවට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත කරවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් දැඩි විරෝධය පළ කර ඇති අතර එය ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී තිබේ.
පසුගියදා පැවති ශ්‍රීලනිප ආසන සංවිධායක රැස්වීමේදී මෙම අර්බුදය උග්‍ර මට්ටමට පැමිණි අතර ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ආසන සංවිධායකයින්ගෙන් ගුටිකන මට්ටම දක්වා එය දුරදිග ගිය බව සදහන්වේ.
The post පක්ෂ මූලස්ථානය වසා දමයි. appeared first on Lanka News Column.
0 Comments