කැබිනට් මණ්ඩලය පත් කර සැලකිය යුතු කාලයක් ගතව ඇතත් එම අමාත්‍යංශවලට අයත් විෂයන් ආයතන ජනාධිපතිවරයා විසින් මේ දක්වා ගැසට් නොකිරීම හේතුවෙන් ඇමතිවරුන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙම් මත මෙම ගැසට් පත‍්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් කල යුතුව ඇතත් ජනාධිපතිවරයා විසින් එය හිතාමතාම කල් දමන ස්වරූපයක් දකින්නට තිබුණි.ඒත් සමගම ජනාධිපතිවරයා පුද්ගලික සංචාරයක් සදහා තායිලන්තයට ගොස් සිටීම හේතුවෙන් එය සිදු කිරීම තව දුරටත් කල් යමින් තිබේ.
මේ අතර වාර්තා වන්නේ ලේක්හවුස්, ස්වාධීන රූපවාහිනිය ජනාධිපතිවරයා යටතේම තබා ගැනීම තීරණය ක ඇති බවයි.
එමෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ම ජනාධිපතිවරයා යටතේ තබා ගැනෙන් ඇතැයිද වාර්තා වෙයි.
අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීම ගැන අවසන් තීරණයක් මේ දක්වා ගෙන නැති අතර ජනාධිපතිවරයා පැමිණි පසු ජනවාරි මුල් සතියේ එය සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
The post රට අරාජික කිරීමේ තවත් කුමන්ත්‍රණයක්. appeared first on Lanka News Column.
0 Comments