Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සී.ආර්.-යුද රත්ම­ලා­නේදී අද ගැටෙති

Author(s): 
ෆවුස් මොහොමඩ්

මෙතෙක් පැවැති තරග 6කින් 4ක් ජය­ගෙන ප්‍රසාද ලකුණු 22ක් ලබා තුන්වැනි ස්ථානයේ පසු­වන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමා­ජය අන්තර් සමාජ පළ­මු­පෙළ ලීග් රග්බි තර­ගා­ව­ලියේ පළමු වටයේ අව­සන් තර­ග­යට අද (21) යුද හමුදා ක්‍රීඩා සමා­ජය සමග රත්ම­ලා­නේදි තරග බිමට එක්වෙයි. පසු­ගිය සති­යේදී ගුවන් හමුදා ක්‍රීඩා සමා­ජ­යට එරෙ­හිව ලකුණු 36-27ක ජයක් වාර්තා කර­මින් ප්‍රසාද ලකුණු සට­හනේ තුන්වැනි ස්ථාන­යට පත්වූ සී.ආර්.පිල පළමු වටයේ අව­සන් තර­ගය ජය­ග්‍රා­හීව නිමා කිරී­මට බලා­පො­රො­ත්තු­වෙන් පසු­වන අතර පොලිස් පිල හමුවේ ලකුණු 41-19ක අන­පේ­ක්ෂිත පරා­ජ­යක් ලබා 7 වැනි ස්ථාන­යට ඇද වැටුණු යුද හමුදා පිල නැවත හිස එසැ­වීමේ අර­මුණ ඇතිව අද තර­ග­යට එක්වෙයි.

මේ අතර මෙවර තර­ගා­ව­ලියේ මෙතෙක් එකම අප­රා­ජිත කණ්ඩා­යම බවට පත්වී සිටින වත්මන් ලීග් ශූර මහ­නු­වර ක්‍රීඩා සමා­ජය සිය අප­රා­ජි­ත­භා­වය තව දුර­ටත් රැක ගැනීමේ අදි­ට­නින් අනිද්දා (23) නාවික හමුදා ක්‍රීඩා සමා­ජය සමග වැලි­සර දී තරග වදී. මහ­නු­වර පිල තරග 6ම ජය­ගෙන ප්‍රසාද ලකුණු 36ක් ලබා පෙර­මුණේ පසු­වන අතර පසු­ගිය සති­යේදි සී.එච්.පිල හමුවේ ලකුණු 34-26ක අන­පේ­ක්ෂිත පරා­ජ­යක් ලබා ප්‍රසාද ලකුණු 20ක් ලබා සිවු­වැනි ස්ථාන­යට පත්වී සිටින නාවික හමුදා පිල නැවත තුන්වැනි ස්ථානය අත්කර ගනි­මින් පළමු වටය නිමා කිරී­මට බලා­පො­රො­ත්තු­වෙන් පසු­වෙයි.

පසු­ගිය සති­යේදි මහ­නු­වර පිල හමුවේ ලකුණු 31-21ක පරා­ජ­යක් ලබා සිය අප­රා­ජි­ත­භා­වය බිඳ ගත් හැව්ලොක්ස් පිල කිසිදු ජය­ග්‍ර­හ­ණ­යක් නොලබා අව­සන් ස්ථානයේ පසු­වන ගුවන් හමුදා ක්‍රීඩා සමා­ජය සමග 23දා රත්ම­ලා­නේදි තරග බිමට පිවි­සෙයි. තරග 6කින් 5ක් ජය­ගෙන ප්‍රසාද ලකුණු 28ක් ලබා දෙවැනි තැන පසු­වන හැව්ලොක්ස් පිල දෙවැනි වටයේ තරග ආරම්භ කිරී­මට පෙර යළි ජය­ග්‍රාහී මාන­සි­ක­ත්වය ඉහළ දමා­ගැ­නී­මට සූදා­න­මින් සිටී.

නාවික හමුදා පිල පර­දවා මෙවර තර­ගා­ව­ලියේ සිය 2වැනි ජය­ග්‍ර­හ­ණය වාර්තා කළ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමා­ජය සහ පොලිස් පිල අතර තර­ගය ද 23 වැනිදා කොළඹ තුරඟ තරග පිටි­යේදි පැවැ­ත්වෙයි. ප්‍රසාද ලකුණු 15ක් ලබා 6 වැනි ස්ථානයේ පසු­වන සී.එච්.පිල අව­සන් කණ්ඩා­යම් 4ට සේන්දු වීමේ දැඩි උත්සා­හ­යක නිර­තව සිටි­යත් මේ තර­ග­යේදි දස්කම් අතර සිටින පොලිස් පිල වෙතින් දැඩි අභි­යෝ­ග­යක් එල්ල වනු නිසැ­කය.

මෙවර තර­ගා­ව­ලියේ ආර­ම්භයේ සිටම දැඩි පසු­බැ­සී­ම­කට ලක්වී සිටි පොලිස් ක්‍රීඩා සමා­ජය පසු­ගිය සති­යේදි යුද හමුදා පිල පරා­ජය කර­මින් නැවත සුපු­රුදු දස්කම් අත­රට එක්වී සිටින අතර ප්‍රසාද ලකුණු 15ක් ලබා පස්වැනි ස්ථානය අත්ක­ර­ගැ­නී­මට ද සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();