Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චේතිය බොරු නොකියයි

ෆවුස් මොහොමඩ්

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායක ගැමුණු චේතිය එම තරගාවලිය අතරතුර විනය විරෝධී හැසිරුණු බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ විසින් ඊයේ සිදුකළ විනය පරීක්ෂණයෙන් ඔහු වරදකරු බවට තහවුරු වී තිබේ.

මේ පරීක්ෂණයේදී ගැමුණු චේතිය වරද පිළිගත් බව පාසල් රග්බි සංගමයේ සභාපති සහ විනය කමිටු ප්‍රධානී රංජිත් චන්ද්‍රසේකර මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් පාසල් ක්‍රීඩකයකු නොවන බැවින් ඔහුට එරෙහිව තරග තහනමක් පැනවීමට පාසල් රග්බි සංගමයට නොහැකි බව කී චන්ද්‍රසේකර මහතා විනය කමිටු වාර්තාව ශ්‍රී ලංකා රග්බි ආයතනයට ඉදිරිපත් කරන බව කියා සිටියේය. මේ වනවිට පැවැත්වෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ගැමුණුට තරග තහනමක් පැනැවීම රග්බි ආයතනය සතු කාර්යයක් බව ඔහු වැඩි දුරටත් කීවේය.

කෙසේවෙතත් ගැමුණු චේතිය වෙනුවෙන් මේ සංචාරයට වැය කළ රුපියල් ලක්ෂ 3ක පමණ මුදල ඔහුගෙන් නැවත අය කර ගැනීමට කටයුතු කරන බවත්, එම මුදල ගෙවීමට අසමත්වන්නේ නම් නීති මාර්ගයෙන් ක්‍රියා කරන බවත් පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

මීට අමතරව පාසල් වර්ණ ප්‍රදානයේදී ගැමුණු චේතියට ලැබිය යුතු සම්මාන හා සහතික පත් අවලංගු කිරීමටත්, ඔහු අධ්‍යාපනය ලැබූ පාසල දැනුවත් කිරිමටත් විනය කමිටුව තීරණය කළ බව චන්ද්‍රසේකර මහතා කීවේය.

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය නියෝජන කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ සහාය පුහුණුකරු ද විනය කමිටුවේදි ප්‍රකාශ ලබාදී තිබිණි.

චීන තායිපේ හි පැවැති එම තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ කාර්ය මණ්ඩලයේ තරුණියකගේ අතින් ඇල්ලීම ගැමුණු චේතියට එල්ලවූ චෝදනාව විය. තායිවානයේ නීතිරීතිවලට අනුව එම සිදුවීම බරපතල වරදකි. කෙසේවෙතත් එම සිදුවීම පිළිබඳ අදාළ තරුණිය කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැත. එහෙත් සී.සී.ටී.වී. දර්ශන නැරැඹූ හෝටල් කළමනාකාරීත්වය එම සිදුවීම තායිවාන රග්බි සංගමයට පැමිණිලි කිරීමෙන් පසුව ඔවුන් එය ආසියානු රග්බි සංගමයට දැනුම් දී ඇති අතර ආසියානු රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දෙනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();