තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලංකා ලීඩ් නිව්ස් ෙවෙත වාර්තාවේ.
මෙම සිදුවීම අද උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
ටී 56 ගිනි අවියකින් සහ රිවෝල්වරයකින් වෙඩිතැබීම තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවත් , කලක සිට දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙයට හේතුවන්නට ඇතැයි තෙරතුරු හෙළිවී ඇතැයි පොලීසය පවසයි.
මිය ගිය අය අතර උදෑසන මාළු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ද සිටින බවත් පොලිසීය සඳහන් කළේය.
නාකුළුගම රජයේ රෝහලේ එක් මළ සිරුරක් තැම්පත් කර ඇති අතර තංගල්ල මුලික රෝහලේ අනික් මළ සිරුරු තැම්පත් කර ඇත.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර තංගල්ල මුලික පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.න

0 Comments