තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවත් , මිය ගිය අය අතර උදෑසන මාළු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ද සිටින බවත් පොලිසීය සඳහන් කළේය.
නාකුළුගම රජයේ රෝහලේ එක් මළ සිරුරක් තැම්පත් කර ඇති අතර තංගල්ල මුලික රෝහලේ අනික් මළ සිරුරු තැම්පත් කර ඇත.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර තංගල්ල මුලික පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
The post වෙඩි තැබීමෙන් 4ක් මරුට. appeared first on Lanka News Column.


0 Comments