Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

අලුතින් පත්කර තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇතැමුන්ට චෝදනා තිබුණත් වැරැදිකරුවන්වී සිටින කිසිවකු කැබිනෙට්ටුවේ නැතැයි විදුලි සන්දේශ, ඩිජිටල් පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

රවි කරුණානායක මහතාට එල්ලවී ඇත්තේ චෝදනාවක් පමණකැයිද ඒ මහතා වැරැදි කර ඇත්නම් අධිකරණය හමුවේ නඩු පවරා වැරැදිකරුවකු බවට ඔප්පු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.

දේශපාලනඥයන්ට චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවත් ඕනෑම සැකකරුවකු අධිකරණයක් මඟින් වැරැදිකරුවකු කරනතුරු ඔහු නිවැරැදිකරුවකු බවත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙවර පත්කර සිටින කැබිනට් මණ්ඩලය තුළ දක්ෂ, ක්‍රියාශීලී, අවංක පිරිසක් සිටින බවද ඉදිරි වසර තුළ රට ගොඩනඟා ජනතාවත්, ජනතාවගේ ජීවන තත්ත්වයත් නඟා සිටුවීම මේ කණ්ඩායමේ එකම අරමුණ වී තිබෙන බවද කී ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය එකට එකතු වී ජව සම්පන්න ගමනක් යනු ඇතැයි තමාට විශ්වාස බවද කීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();