Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාව දංගෙඩියට යවන ඩයස්‌පෝරාවේ පෙත්සම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් අහකට

ශ්‍රී ලංකාව අන්තර් ජාතික අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලමින් කොටි ඩයස්‌පෝරාව ඉදිරිපත් කර තිබූ අත්සන් 11049 කින් යුත් පෙත්සමක්‌ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ඉල්ලීම ඉටුකිරීම සඳහා අත්සන් ලක්‍ෂයක්‌ අවශ්‍ය වේ. අත්සන් ලක්‍ෂයක්‌ නොලැබීම නිසා එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගැනීමද ඉවත දමා ඇත. කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරී පත්මනාදන් මනිවන්තන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පසුගිය ජුලි 19 දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ එම පෙත්සමට අත්සන් ලක්‍ෂයක්‌ ලබා ගැනීමට කොටි ඩයස්‌පෝරාව බ්‍රිතාන්‍ය ජනතාවගේ සහායද පතා ඇත.

– Divaina


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();