සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පස්වැනි වරටත් රන් සපත්තුව (Golden Shoe) සම්මානය දිනා ගනියි. යුරෝපීය ක්‍රීඩා මාධ්‍ය, යුරෝපීය ක්‍රීඩා ප්රවෘත්ති හා සඟරා මාධ්‍යවේදී සංගමය මේ සම්මාන උළෙල සංවිධාන කොට තිබුණි. ආර්ජන්ටිනාවේ ප්‍රහාරක ක්‍රීඩක ලයනල් මෙසී ස්පාඤ්ඤ පාපන්දු ලීග් තරගාවලියේ බාර්සිලෝනා පිල වෙනුවෙන් ගෝල් 34ක් ලබා ගැනීමට සමත් විය. ලිවර්පූල් ක්‍රීඩක මොහොමඩ් සල්හ එංගලන්තයේදී ගෝල් 32ක් ලබා මෙවර දෙවැනි තැනට පත්විය. 31 හැවිරිදි මෙසී බාසිලෝනා පිලට මෙතෙක් ක්‍රීඩා කළ දීප්තිමත් ක්‍රීඩකයාවන අතර තරග 572කදී ගෝල් 655ක් ලබා ඇත.
ලයනල් මෙසී වසර 2009 - 10 තරගාවලියේදී ගෝල් 34ක්, 2011 - 12 තරගාවලියේදී ගෝල් 50ක්, 2012 - 13 තරගාවලියේදී ගෝල් 46ක් හා 2016 - 17 තරගාවලියේදී ගෝල් 37ක් ලබා පෙරමුණේ පසුවී රන් සපත්තුව (Golden Shoe) සම්මානය දිනා ගත්තේය.
මෙසී දැනට ක්‍රියාත්මක 2017 - 18 තරගාවලියේදීද, ගෝල් 14ක් වාර්තා කොට ප්‍රහාරකයන් අතුරින් ඉදිරියෙන්ම සිටී.
“මා පාපන්දු ක්‍රීඩාවට ඉතාම ආදරෙයි, මා පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරද්දී මේ සියලු ජයග්‍රහණ බලාපොරොත්තු වුණේ නැහැ. මගේ එකම සිහිනය වූයේ වෘත්තීය ක්‍රීඩකයෙකු වීම පමණයි. මා විසින් කර ඇති දැඩි කැපවීම හා උත්සාහය මේ සියලු ජයග්‍රහණවලට හේතුවයි. මා සමග ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා” මෙසී පැවැසීය. මෙසී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සමග 2007 සිට එක දිගට දිනා ගෙන තිබිණි.
ප්‍රින්ස් ගුණසේකර
0 Comments