සරණාගතයන්ගේ ආරක්ෂාව සහ ප්‍රජා සංවර්ධනය සඳහා වූ ගෝලීය ප්රඥප්තියක් සම්මත කර ගැනීමට ජාත්‍යන්තර සහාය හිමි වී තිබේ. ඒ පසුගියදා මොරොක්කෝවේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දීය. එහිදී මේ අනුමැතිය සඳහා සාමාජිකයන් 193ක් අතරින් ඡන්ද 181ක් හිමි විය.
වසර 2ක් පුරා පැවැත්වූ පුළුල් දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසට සියලුම රටවලින් අනුමැතියට විශාල සහායක් ලැබුණු බව සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.මිලියන 25ක් වූ සරණාගතයන්ගෙන් 90%ක්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට බරක් වී තිබේ. තවදුරටත් ශක්තිමත් ආයෝජන සහ යටිතල පහසුකම් සපයමින් සරණාගතයන් සඳහා සේවා සැපයීම නව ප්රඥප්තියෙන් අපේක්ෂා කෙරේ.ප්‍රඥ්ප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමීනා මොහොමඩ් මහතා සඳහන් කර තිබේ.අමෙරිකාව සහ හංගේරියාව සම්මුතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත.
0 Comments