ප්රතිසංස්කරණය හා විවෘතභාවය ක්රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සරය චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ප්රධානත්වයෙන් බීජිං නුවරදී සමරනු ලැබීය. ප්රතිසංස්කරණය හා විවෘතභාවය ක්රියාත්මක කර චීනය ගෙවී ගිය වසර 40 තුළ ගෙවා ඇති සංවර්ධන ගමන සහ ඉන් ලද ජයග්රහණ හා අත්දැකීම් පිළිබඳව මෙහිදී විශ්ලේෂණය කෙරිණි.
සංවර්ධිත රටවල් වසර සිය ගණනක් ගිය කාර්මිකරණ ගමන චීනය විසින් අවසන් කරනු ලැබුවේ වසර 40ක් පමණ බවත්, ඒ අතරතුර චීනය ලද අගනා අත්දැකීම් චීනයේ ඉදිරි ගමන සඳහා වන වැදගත්ම මාර්ගෝපදේශය බවත්, ජනාධිපති ෂී ජින් පිං මෙහිදී අවධාරණය කළේය. නොබෙල් ආර්ථික සම්මානලාභී රොනල්ඩ් එච්. කෝස් චීනය පිළිබඳ විවෘත, ඉවසිලිවන්ත, නිර්මාණශීලි හා ආත්ම විශ්වාසයෙන් පිරි චීනයක් ලෝකයට වඩාත් විස්මයක් ගෙන දෙනු ඇති බවට පළ කළ අනාවැකිය චීනය සිය ක්රියාවෙන් සනාථ කරනු නොඅනුමාන බව ජනාධිපතිවරයා පැවසීය.
0 Comments