Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවසීලන්තයට ලකුණු 4ක තියුණු ජයක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 176ක ඉලක්කය හඹාගිය පාකිස්තානය ඊයේ තරගයේ සිවුවැනි දිනය ඇරැඹුවේ කඩුලු 10ක් අතැතිව ලකුණු 139ක් පසුපසිනි.

පාකිස්තාන දෙවැනි ඉනිමේ විනාශකාරයා වූ අජාස් පටෙල් ඊයේ යැවූ ඉනිමේ පස්වැනි ඕවරයෙන් ඉමාම් උල් හක් පිටියෙන් ඉවත් කරමින් සිය කඩුලු දඩයම ආරම්භ කළේය.

ලකුණු 8ක් තුළ පාකිස්තානය කඩුලු 3ක් අහිමිවූ අතර අසාර් අලී සමග එක්වූ අසාඩ් සාෆික් ලකුණු 82ක සබඳතාවක් පිහිටුවමින් පාකිස්තානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය. පන්දු 81කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 45ක් ලබාසිටි අසාඩ් දවාගනිමින් පාකිස්තානය අසීරු තත්ත්වයට ඇද දැමීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. හුදෙකලා සටනක නිතරවූ අසාර් අලී එක් අන්තයක් රැක ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සහයක නිරත විය. තරගයේ වීරයා වු අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණේ තවත් ලකුණු 4ක් පමණි.

සිය මංගල තරගයට ක්‍රීඩා කළ අජාස් පටෙල් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය 24 වැනිදා ආරම්භ වෙයි.

නවසීලන්ත පළමු ඉනිම - 153යි. කේන් විලියම්සන් 63 (යසීර් ෂා 54/3, හරිස් සොහෙල් 11/2, මොහොමඩ් අබ්බාස් 13/2, හසන් අලී 38/2) සහ දෙවැනි ඉනිම - 249යි. බී.ජේ. වොට්ලින් 59, හෙන්රි නිකලස් 55 (හසන් අලී 45/5, යසීර් ෂා 110/5)

පාකිස්තාන පළමු ඉනිම - 227යි. බාබර් අසාම් 62, අසාද් ෂෆීක් 43 (ට්‍රෙන්ට් බෝල්ට් 54/4, කොලින් ඩි’ ග්‍රෑන්ඩ්හෝම් 30/2, අජාස් පටේල් 64/2) සහ දෙවැනි ඉනිම - 171යි. අසාර් අලී 65 (අජාස් පටේල් 59/5)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();