Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස්-යුද හා කොළඹ-සෝන්ඩර්ස් එෆ්. ඒ. පාපන්දු අවසන් වටයේදී ගැටෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කොළඹ පාපන්දු සමාජයට, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයට, යුද හමුදා පිලත් මුණ ගැසීමට නියමිතය. අවසන් තරගයට සුදුස්සන් තෝරා ගන්නා තීරණාත්මක මේ වටයේ තරග දෙක කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මේ 25වැනි ඉරිදා පැවැත්වේ. විදුලි ආලෝක ධාරා මැද පොලිස් - යුද හමුදා තරගය පස්වරු 5ට හා කොළඹ - සෝන්ඩර්ස් අතර තරගය පස්වරු 7ට ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කොට තිබේ.

මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල රිනවුන් පිල දඩුවම් පහර 3-1කින් පරාජයට පත්කළ පොලිස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වීම කැපී පෙණුනි. පොලිස් - රිනවුන් අතර තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර අනතරුව දඩුවම් පහර පිරිනැමුණි. එහිදී චතුර ගුණරත්න, සම්පත් පතිරණ හා ධනූෂ පෙරේරා පොලිස් පිල වෙනුවෙන් දඩුවම් පහර සාර්ථක කළහ. රිනවුන් ක්‍රීඩා සමාජය මුලින් එල්ල කළ දඩුවම් පහර තුනම වැළැක්වීමට පොලිස් ගෝල් කීපර් මහේන්ද්‍ර දිනේෂ් සමත්වූ අතර එල්ලවූ එකම ගෝලය රෆීක් ඉර්ෂාඩ් වාර්තා කළේය.

අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සෝන්ඩර්ස් පිල ගෝල් 2-1කින් මහර බන්ධනාගාර පිල පරාජයට පත් කළේය. හිටපු ජාතික ක්‍රීඩක, ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩක කසුන් ජයසූරිය සෝන්ඩර්ස් නාමය ඉදිරියේ වාර්තාවූ ගෝල් දෙකම එල්ල කිරීම කැපී පෙණුනි. තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක සිටි අතර බන්ධනාගාර පිල වෙනුවෙන් 23වැනි මිනිත්තුවේදී ටී. කජකෝපන් හා 29වැනි හා 50වැනි මිනිත්තුවලදී කසුන් ජයසූරිය ගෝල් වාර්තා කළහ.

අවසන් පූර්ව වටයට පිවිසි කොළඹ පාපන්දු සමාජය වෙතින් දඩුවම් පහර 4-1ක් ලෙස වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජයට පත්වූ අතර යුද හමුදාව වෙතින් ගෝල් 2-0ක් ලෙස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පිල පරාජයට පත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();