ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ දී සුබ නැකතින් එකතුවන බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී බී ඒකනායක මහතා පවසයි.
පක්ෂ දෙක එකතුවී පොදු ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බව කී ඒකනායක මහතා පොදු ලකුණු තීරණය කිරීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ප්රකාශ කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්රී ලංකා පොදු ජන පෙරමුණට මේ දිනවල පවතින්නේ දැඩි අපල කාලයක් හෙයින් අපල කාලය මඟහැර ඉදිරි සැලසුම් ජනවාරියේ එළඹෙන සුබ කාලයේ ඉලක්ක කර සකස් කරන බවත්, ඉදිරි ඕනෑ මැතිවරණයකට මුහුණ දිමට පක්ෂ දෙකම මේ වන විට ශක්තිමත් ව සිටින බව ඔහු සදහන් කර සිටී.
0 Comments